Saturday, March 12, 2011

ඔන්න කෙල්ලෙක් ඉන්නවා...

ඔන්න කෙල්ලෙක් ඉන්නවා... ආයේ එනකල් බලාගෙන ඉන්න .. එයාගේ ආදරේ.. දවසක් දුර ගමනක් යනවා...... ඒ අතරේ හරිම දග හරිම වස කොල්ලෙක්.. ඒ කෙල්ලට මුණ ගැහෙනවා... කෙල්ලට ගොඩක් ලං වෙනවා.. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවෝ වෙනවා..

ඒ දෙන්නා හොඳම යාලුවෝ වුනාට පස්සේ හැම දුකකදීම සතුටකදීම ළගින්ම හිටියා.. ඒ දුක සතුට පුලුවන් තරම් බෙදාගත්තා.. නැතිවම බැරි තරමටම යාලුවෝ වුනා..

ඒ කෙල්ලගේ ජීවිතේ ගොඩාක් දේවල් කොල්ලා එක්ක කිව්වා. කෙල්ලගෙන් ඈත් වුන එයාගේ ආදරේ ගැන.. ගොඩාක් දේවල්... කොල්ලා අහගෙන හිටියා.. කිවුව හැම දේම.. ගොඩක් උත්සාහ කළා.. හිත හදන්න ඒ අහිංසක කෙල්ලගේ.. කොල්ලාට ඒක කරගන්න පුලුවන් වුනාද නම් දන්නෙ නෑ... ඒත් උත්සාහ කළා...

කාලය ගෙවිලා ගියා... දන්නෙම නැතිව කොල්ලා මේ කෙල්ලට ආදරේ කරන්න පටන් අරන්.. ගොඩාක්.. අර හරිම දඟ හරිම වස කොල්ලා දැන් ගොඩාක් හොඳ කොල්ලෙක් වෙලා.. ඒ එයාට හම්බ වුන මේ කෙල්ල නිසා.. ඒ වෙනසට කොල්ලා ගොඩාක් ආදරේ කළා.. ඒ වෙනස ඇති කරපු කෙල්ලට ඊටත් වඩා ගොඩා...ක් ආදරේ කළා.. ඇත්තටම ඒ කොල්ලා කෙල්ලට මාර ආද‍රෙයි...

ඒත් ඒ කෙල්ල එයාගේ ආදරේ එනකල් බලාගෙන ඉන්නවා...ඒ කොල්ලගේ ආදරේ තේරුම් ගන්නේ නැහැ... කොයිතරම් ඒ කෙල්ලට ආදරේ කළත්.. කෙල්ල තේරුම් ගන්නේම නෑ. සමහරවිට කෙල්ල මේ ආදරේ තේරුම් ගත්තද දන්නෙත් නෑ. තේරුම් අරන් හිතේ හංගගෙන ඉන්නවාද දන්නෙත් නෑ..


ටික කාලෙකින් ඒ කොල්ලට ඒ කෙල්ලගෙන් ඈත් වෙන්න ඕනේ වෙනවා.. ආදරේ නැති වෙලා නෙවෙයි.. දුකින් ඉන්න බැරි නිසා ඒ තරම්.. හිත හදාගන්න.. අඩුම තරමින් හිත හදාගන්න උත්සාහ කරන්න.. ඒ කෙල්ල නැති ලොකෙකට හුරු වෙන්න..ඒ වුනාට ඒ කෙල්ල.. මේ කොල්ලට ඒක කරන්න දෙන්නෙම නෑ. ඈත් වෙන්න හඳන හැම වෙලාවකම තව තවත් ලං කරගන්නවා.. 

අනේ ඉතින් අර කොල්ලා මේ කෙල්ලට තාමත් ගොඩාරියක් ආදරෙයි.. ඒ වුනාට ඒ කොල්ලට ඒ කෙල්ලගේ ආදරේ ලබා ගන්න බෑ.. ඒ කෙල්ල තාමත් එයාගෙන් ඈත් වුන ආදරේට ආදරේ නිසා.. ඒක හොඳටම මේ කොල්ලත් දන්නවා..ඉතින් මේ කොල්ලත් හරි  ආසයි ඒ ආදරේ කෙල්ලට ලැබෙනවානම්.. ලැබිලා කෙල්ල ගොඩාක් සතුටින් ඉන්නවානම්..

ඒත් ඒ වගේම ඒ කොල්ලට ඒ කෙල්ලව ඕනි.. ඒ ජීවිතේ හැමදාමත් ‍එයා ලඟින් තියාගන්න.. ආදරේ කරන්න. යාලුවෙක් විදියට.. ඉස්සර හිටියා ‍වගේම.. ගොඩාක් හොඳ යාලුවෝ විදියට ඉන්න.. මැරෙනකම්ම....


ප.ලි :- සිහින තවලම ලියන සුදු හංසි අක්කා කිවුව දෙයක් දැකලා කොහේදෝ අස්සක තිබුණු මොනවදෝ අනංමනං ටිකක් හිතින් පිටනොකරම බැරි වුනා... වෙන කොහේ කාටකියන්නද ඉතින් මේ විකාර මගේ ආදරණීය බ්ලොග්ට හැර..? 

22 ප්‍රතිචාර:

පූසා said...

සමාවෙයන් මචෝ මෙහෙම කියනවාට ඒත් ඇත්ත කියන්න එපැයි.
ඕක කරන්න බෑ.........

රත්ගමයා said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

pavithra weerapperuma said...

ලොල්ය. ඊය හලෝ... පටාන් අරන් තියෙන්නෙම කෙල්ලෙක් ගැන කීල.. චි චී... චි..

MaRLaN said...

දැන් කවුද කෙල්ල?

Bunny said...

මං කියන්න හැදුවේ මුල් ටික කියවද්දිම මේක උබේ හිතේ තියෙන දෙයක් කියලා.. නමුත් ඒක උබ ලියලාම තියෙනවානේ..

හැබැයි මචං උබ කියලා බැලුවොත් නරකද කෙල්ලට ?

නදී said...

අනේ මන්ද?මට කියන්න තේරෙන්නෙ නෑ.කියන්න පුලුවන් තරන් කට කෑඩෙනකම් කිව්ව,දෙන්නටම හොදක් වෙන විදියට කරන්න ඕනෙ දේ මේකයි කියලා,කෝ කනකට ගන්න එකක් යෑ.මේක එයා(අදාල පුද්ගලී...) කියවලා ඉක්මන් ප්‍රතිචාරයක් දෙයි කියල හිතෙනව.මොකද යාලුවා පව්නෙ,ඉන්නෙ දුකෙන් :(

හසී said...

හ්ම්ම්.. :(

~ChAnDiKa~ said...

නොලැබෙන හඳට වඩා අතේ තියන පන්දම හොඳයි කියනවනෙ. ඇත්තටම සහෝ ඔයා ඉන්නෙ දුකෙන් කියල පේනවා. සමහර විට අදාල පුද්ගලී ඇත්තේ හිතේ සැකෙන් වෙන්න පුලුවන්. එයත් ඔයාට කැමති ඇති. ඒත් පරණ ආදරේ අමතක කරන්න බය වගේම එයා ආපහු ආවොත් කියන හැඟීමත් තියෙනව වෙන්න පුලුවන්. හැබැයි සහෝ බලා නොයිඳ ඔයාගෙ අදහස කියන එක තමා වඩාත් හොඳ. මොකද මමත් මේ තත්වෙට මුහුණ දුන්නු කෙනෙක්..

ප්‍රාර්ථනා said...

ළමයෝ.. කතාව හරි ලස්සනයි.. ඔයා ඔච්චර ලස්ස්නට ලියන්නේ කොහොමද..? ගුරුමුෂ්ඨි නැතුව මටත් කියනවාද..?
ඔයා හිතනවා නම් ඔයාට ඕනෙ "මිතුරුකම" කියලා.. මට න්ම් හිතෙන්නේ ඔයා හිත රවට්ටගන්නවා කියලා.. දැ ඔය ඇති.. ආදරේ නම් ආද්එ කියමු..

Anonymous said...

හැමදාම කියනවා ගෙම්බෝ හිත නිදහස් කරගන්න කියන්න ඒ ආදරේ එක සැරයක් අක්කාට... ඊට පස්සේ බලන්න.......... ලැබෙන දෙයක් නම් ලැබෙයි අයියේ... හැබයි එකක් මේක එ අක්කාට එයා මේක මේ බ්ලොග් එක බලනවා කියලා දන්න හන්දා....
විසික් කරපු දෙවල් හන්දා අඩන්න එපා ඔයාගේ ආදරේ ඔයාව දාලා ගියා...ආයේ එක ගත්තත් ඒ දෙම ආයේ ආයේ වෙන්න පුලුවන්..ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔයා ආදරේ කරන්න ඔනා.....

මෙහෙම හරි බ්ලොග් එක මතක් උන එක ලොකු දෙයක් ලමයෝ... :)

චතුවා said...

පූසා මචෝ.. කරන්න බැරි නෑ.. ගොඩාක් අමාරුයි...

.....................................................

රත්ගමයා හ්ම්ම්ම් ගාගෙන කල්පනා කොල දේ මම දන්නවා.. :D

.....................................................

සුළඟිල්ල.. දැන් මේක කියවද්දී මට මේ ලියලා තියෙන ඔක්කම ඊයා කියලා හිතෙනවා හලෝ...

.....................................................

සිරාවට මාලෝ... කවුද කෙල්ල? කවුද බං ඕවා දන්නේ?

චතුවා said...

හාවාට දෙන්න උත්තරයක් නෑ.. ඒ නිසා "පාස්"

.....................................................

නදී අක්කා බොරුනම් කියන්න එපා.. කවද්ද ඔයා කට කැඩෙනකම් කීවේ?? ඕනෙනම් ඔය කියන දේ ඇඟිලි කැඩෙනකම් ටයිප් කරන්න ඇති ඔයා.. හික්

.....................................................

හ්ම් හ්ම්ම්ම් හසී අක්කා.....

.....................................................

හනේ මන්දා චන්දික.. දෙයියෝ + එයා දනී.. අපි නොදනී..

චතුවා said...

හනේ නිකං යන්න මෙයා යන්න.. ප්‍රාර්ථනා කවද්ද ඉතින් ලිවුව දේක වරදක් කිවුවේ මට? හිහ්..

දෙවෙනියට කිවුව දේ ගැන නම් කම්පනා කරලා බලාන්ට වෙනවා...

.....................................................

අක්කා.. අර නිම්ශා නංගා කිවුවදේ හිතට ගන්නකෝ අලෝ... හිහ්..

හනේ.. බ්ලොග් එක මතක් වුනාට මොකද ලියන්න හිතෙන්නෙ නෑ නිම්ශෝ දැන්...

.....................................................

ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩා..........ක් ස්තූතියි..!

රත්ගමයා said...

අහ්....දන්නව නම් කියපන්...තෝ හිතපු දේ නෙමේ....එහෙනම් ඒක උඹේ හිතේත් තියෙනව නේ....

Anonymous said...

ෆට්ටයි මචං.... වෙන දෙයක් නම් කියන්න විදියක් නෑ...

Anonymous said...

මම මුකුත් නොකියා ඉන්නම් නේ :)

Dhanushka said...

ane ammee....
Mage kana langin giya wage danuna nanga....

චතුවා said...

තොගේ කුප්ප හිත ගැන අපි නොදන්නවැයි බොල ඉරු‍වෝ...

.....................................................

prasanna86k බෝම ස්තූතියි හොදේ...

.....................................................

ජේ.ඩී අයියා.. මොකැ කියන්නෙ නැත්තේ..? ඔන්නො‍හේ කියලා දාන්ට..

.....................................................

ධනුෂ්ක.. දැන් කවුද නංගා?

හික්ස්

.....................................................

හැමෝටම ස්තූතියි මේ පැත්තේ ආවාට..

අකීකරු හිත said...

කියලා වැඩක් නැ...නියමයි මල්ලි

චතුවා said...

ඔවු අක්කා.. තවත් නම් කියලා වැඩක් නෑ තමා... :ඩී

ස්තූතියි මේ පැත්තේ ආවාට...

Prabhath said...

:) ළමයගේ හැංගි හොරා වදන් පෙලක්...මරු ඈ...
කොල්ලනං දන්නවමයි කියමුකෝ... මේ කෙල්ලවත් දන්නවාදෝයි සැකයක්....

චතුවා said...

හ්ම්ම්.. කෙල්ලත් දන්නවයි කියලා හිතාගන්නකෝ අයියා...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger