Saturday, January 29, 2011

ඔහු වෙනුවෙන් නුවර අපි...!

Blog post 49ක් ලියලා මම මේ ලියන්නේ 50වෙනි පෝස්ට් එක. ඒක හා පැටික්කිට වගේම මටත් විශේෂයි. ඒ වුනාට 49වෙනි පෝස්ට් එක ලියලා මම හිතාගෙන හිටියේ මම ආයෙත් මේ බ්ලොග් එක ලියන්නේ නෑ කියලා. ඒ වුනාට අද මම මේ පෝස්ට් එක ලියන්නේ අපේම සහෝදරයෙක් වෙනුවෙන්. සිංහල බ්ලොග් අවකාශයේ හරි හරියට බ්ලොග්කරණය කළ බොහෝ දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් ප්‍රිය කරන ඉලංදාරියා වෙනුවෙන්...






යාලුවෝ හම්බ වෙන්න  නම් එයාලා මුණගැහිලා කතා කරන්න ඕනෙ වෙලා තිබුණ කාලේ අහවර වෙලා දැන් තියෙන්නේ ඩිජිටල් ලෝකයේ මිතුරු හමුවක්. ඒ වගේ මට ලැබුණු මිතුරෙක් තමා ඉලංදාරියත්. කොහොම වුනත් මට මතක විදියට අද වෙනකම් මමත් ඉලංදාරියත් මූණුපොතේදීවත් කතා කරලා නෑ. හැබැයි මම ‍ඉලංදාරියාගේ බ්ලොග් එකනම් කියවනවා. ඒ හරහා ඉලංදාරියා හදුනාගත්ත කෙනෙක් මම. අමුතුවෙන් කියන්න ඕනි නෑ. අද බ්ලොග් අවකාශයේ ‍බොහෝ දෙනෙක් දන්නවා අපේ ඉලංදාරියාට උදව්වක් අවැසි වෙලා තියෙන විත්තිය. ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා‍නම් ඉලංදාරියාගෙන්ම දැනගන්න පුලුවන් මෙතනින් ගිහින්.


බොහෝම හොඳ හදවතක් තියෙන මිනිස්සු මේ ‍බ්ලොග් අවකාශයේ ඉන්නවා කියලා මම හොඳින්ම තේරුම් ගත්තේ මම කලින් දවසක ඉල්ලාගෙන කෑමෙන් පසු දැම්ම පෝස්ට් එකක් නිසා. ඉතින් ඒ වගේ අය මේ වෙනකොටත් සිංහල බ්ලොග් ලියන බොහෝ දෙනෙක් ඉලංදාරියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. තමන්ට පුලුවන් උපරිමයෙන් ඒ අය උදව් කරයි කියන බලාපොරොත්තුව මගේ ලගත් තියෙනවා. කොළඹ පැත්තේ ඉන්න අය නම් Car wash එකක් කරලා මේ වැඩේට දායක වෙන්න සැළසුම් කරලා තියෙනවා කියලයි ආරංචිය. ඉතින් නුවර ඉන්න අපිත් යමක් කරන්න කියලා තමා මේ උත්සාහ කරන්නේ. ඒත් අපිට පොඩි ප්‍රශ්නයක්..!


නුවර පැත්තේ ඉන්න සයිබර් අවකාශයේ අපේ යාලු මිත්‍රයෝ ටික එකතු කරගන්නයි ඕනේ දැන්. මම අද මේ ලියන බ්ලොග් පෝස්ට් ‍එකේ මූලිකම අරමුණත් ඒක. මේ වෙනකොට නුවරින් මමත් සුදුහංසි අක්කා සහ ප්‍රියන්ත අයියා එකතු වෙලා උත්සාහ කරනවා අපිට කරන්න පුලුවන් දෙයක් කරන්න. ඉතින් මේ වැඩේ වඩාත් සාර්ථක කරගන්න හැමෝගෙන්ම සහාය අවශ්‍යයි. නුවර හෝ ඒ ආසන්න පලාතක ඉන්න බ්ලොග් ලියන ඔබ, බ්ලොග් කියවන ඔබ අපිත් එක්ක අත්වැල්බැඳ ගනීවි කියලා විශ්වාස කරනවා. 


ඉතින් මේ වැඩේට මහනුවරින් සහාය වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් chaturanga87@gmail.com මගින් මාව හෝ priyantha.ab@gmail.com ප්‍රියන්ත අයියාව සම්බන්ධ කරගන්න. ඒ වගේමයි.. විශේෂයෙන්ම නුවර ඉන්න අපිට ඉලංදාරියා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවානම්, අපිට මේ සඳහා දායක වෙන්න මුදල් ලබාගන්න පුලුවන් ආකාර ගැන යෝජනා තියෙනවානම් ඒ ගැනත් කියන්න... ඒක අපිට ලොකු අත්වැලක් වේවි අපේ කාර්ය්‍ය සාර්ථක කරගන්න..


අපි එකතු වෙලා අපේ ඉලන්දාරියා වෙනුවෙන් කරන්න පුලුවන් උපරීමය කරමු..!

18 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

උඹලත් කොළඹ වගේම car wash එකක් දාන්න හිතං ඉන්නවනං
මම නුවර නොවුනට කමක් නැහැ..පුළුවන්නං වෙලපහ දවස මට කියහං..මම නිවාඩුවක් දාගෙන හරි එන්න බලන්නං...
කොලඹ එකට කට්ටිය මදි වෙන එකක් නැහැ...
දුර මට අවුලක් නැහැ...

ආ... 50 මෙ වගේ දේකට යොමු කරපු එකත් වටිනවා..හරියට උපන්දිනේට පිරිතක් කියලා දානයක් දුන්නා වගේ...

නදී said...

නුවර අවට නොවුනට අපිටත් පුලුවන් මල්ලි උදව් කරන්න.කරන දෙයක් අපිටත් කිව්වනම්

පුතා said...

ඉලංදාරියාට උදව් කරන්ට අපේ එවුන් එකතුවෙනවා දකිද්දි දැනෙන්නේ වචනවලින් කියන්ට බැරි තරමෙ සතුටක්... මමත් තව සති දෙකකින් නුවර... නුවර ලිස්ට් එකට මාවත් එකතු කරගනින්... කාර් වොෂ් එක වගෙම තවත් අයිඩියා එකක් තියෙනවා... නුවර කොළඹ ගාලු මාතර හැමෝටම එකතුවෙලා ගොඩ දාගන්ට පුළුවන් විදිහේ වැඩක්... මම උඹට කතා කරන්නම්...

Anonymous said...

මමත් ඉන්නේ නුවර. අපි එකතුවෙලා අනිවා මොනවහරි කරමු. අපි කට්ටියට හෙට අනිද්දා දවසක නුවර තැනකට එකතු වෙලා සාකච්ඡා කරමුද මොනවහරි කරන්න.

හා පැටික්කි (MS) said...

අන්න පුතා අයියා එහෙම අදහසක් තියනවනම් කියන්න. ගෑණු දැරිවියෝ වුන අපිට දුකින් බලන් ඉන්නවා ඇරෙන්න මේ වගේ දේකට දිරියක් දෙන්න පුළුවන් විදියක්.............

ළමයා මලේ..... එහෙනම් ඔන්න අපිත් එකට 50ත් ලිව්වා....... ඉතුරුවා ලියන්න කම්මැලි නොවී.........

Unknown said...

මචො අනිවා මමත් එනවා. කොහොමද වැඩේ කරන්නේ.මමත් නුවර තමයි. කරන දෙයක් කරලා ඉලංදාරි කොලුවාව ගොඩදාමු. කොහොමද සෙට් වෙන්නෙ මම නම් ජංජාලේ හිටියට තමයි වැඩිපුරම skype or facebook එකනිසා පුලුවන්නම් වැඩේට කලින් පොඩි මේල් 1ක් එවන්න.නැත්තම් facebook පොඩි නොට්(wall add) එකක් දන්න.

හො කතාවෙන් කතාව 50 වෙනි ලිපියට සුබ පතන්න බැරි වුණානේ ඔන්න මගේනුත් සුබ පැතුම්..

Dakshina said...

කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් කරමු. ‍‍මේ වගේ වෙලාවක නැති උදවු මොකටද? විස්තර කියලා හැකිනම් ඊ මේල් එකක් දාන්න.

BLOG ගඩොල් said...

අපිටනං නුවර එන්න විදිහක් නෑ මචං.

අර්ධ ශතකයට අපේ උණුසුම් සුභපැතුම්

``` Outsider``` said...

නියමයි මල්ලි වැඩේ. මේ වෙලාවෙ පුඵවන් දේ උපරිමයෙන් කරන්න ඕනි තමයි. බිංදුවෙන් බිංදුව ගඟක් වැවක් හැදෙන්නෙ. ඉතින් කවුරු කවුරුත් එකතු වෙලා බිංදුව බිංදුව එකතු කරද්දි අපේ ඉලංදාරියා සහෝදරයට අවශ්‍ය උපකරණය මිළදී ගන්න හැකිවෙයි. එකතු වෙලා යමක් කරන්න අපහසුතා තියෙන අයටත් එයාගෙ බැංකු ගිණුමට හැකි පමණින් පුංචි ‍මුදලක් හෝ බැර කිරීම තමයි මේ වෙලාවෙ කල යුත්තෙ.
ඔයාගෙ උත්සාහයට ආශිර්වාද කරන්නම්...

udana shyamal warnakulasooriya said...

අපිත් නුවර තමයි බ්ලොග් එකක් නොලිව්වට මමත් උබල හැමොගෙමෙ හොඳ පාඨකයෙක් මටත් mail එකක් දාන්ඩ udana.cim@gmail.com

එකෙන්ම එනව මේ වැඩේට!!

Anonymous said...

නුවර අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න පොඩි රැස්වීමක් දාගත්තා. ලබන ඉරිදා (2011-02-06) උදේ 9.00 ට. පුලුවන් හැමෝම එන්න. kandy town.

චතුවා said...

මාරයා අයියේ.. ‍බොහොම ස්තූතියි.. අනිවාර්යයයෙන්ම දැනුම් දෙන්නම්...

........................................................

බොහොම ස්තූතියි නදී අක්කා.. පුලුවන් විදියට උදව් වෙමු...

........................................................

පුතා අයියා.. මේ බ්ලොග් ලියන අය හොඳ හිතක් තියෙන මිනිස්සු.. කරද‍ර‍යකදී පිහිට වෙන අය. අර මං කිව්වා වගේ ඒක මට ගොඩක් දැනිලා තියෙනවා. ලංකාවට ආවාම අනිවා මට කෝල් එකක් දෙන්න. අපි අනිවා වැඩේ ගොඩ දාමු.. ස්තූතියි ඔයාටත්..

........................................................

අමිල සහෝ.. අපි හම්බවෙමු. ස්ථානය දැනුම් දෙන්න අපි එන්නම් අනිවා.. ස්තූතියි ඔයාටත්..

චතුවා said...

හා පැටික්කි අක්කා.. දුක් වෙන්න එපා.. පුලුවන් විදියකට කරමු. වචනයෙන් හරි.. :)

ස්තූතියි සුබපැතුවාට..

........................................................

සංජය සහෝ බොහොම ස්තූතියි.. පුලුවන් නම් ඊමේල් ඇඩ්ඩ්‍රස් එක දෙන්න. නැත්තං මාව මූණුපොතේ එකතු කරගන්න
(http://www.facebook.com/chaturanga.uduwella)

........................................................

අනිවා ධනිෂ්ක සහෝ. උපරිමයෙන් කරමු.. බොහොම ස්තූතියි. පුලුවන් නම් මූණුපොතේ දී හමුවෙමු. නැත්තං දෙන්න ඊමේල් ඇඩ්ඩ්‍රස් එක..

........................................................

බ්ලොග් ගඩොල් සහෝ.. කොළඹ ජනතාව අවුලක් නෑ.. කොහොම කොහෙන් වැඩ කළත් අපේ අරමුණ එකයි..

ස්තූතියි සුබපැතුවාට..

චතුවා said...

පිටස්තරයා සහෝ බොහොම ස්තූතියි.. අපි එකතු වෙලා වැඩේ කරමු.. සතෙන් සතේ රුපියලෙන් රුපියල හරි එකතු කරමු.. :D

ස්තූතියි සහෝ...

........................................................

උදාන සහෝ.. බොහොම ස්තූතියි.. මම අනිවා මේල් එකක් දාන්නම්.. විස්තර දන්වලා.

විකී said...

http://www.amila.tk/ කියලා තියෙන විදිහට නුවරදි සෙනසුරාදා මුණ ගැහෙමු

චතුවා said...

අනිවා අනිවා.. අපි එදාට සෙට් වෙලා කතා කරමු.. මම දන්න අයටත් කිව්වා...

Anonymous said...

@ විකී :- සෙනසුරාදා නෙවේ. ඉරිදා (2011-02-06)

Anonymous said...

ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger