Saturday, June 19, 2010

හෙල්ප් ප්ලීස්!!!

කලින් පෝස්ට් ‍එකෙන් පොර ටෝක් දුන්න මම ආය පොඩ්ඩක් ආ‍වා ඔයාලාව බලලා යන්න.... ‍හේතුනම් කීපයක්ම තියෙනවා.... විභාගෙටත් තව ටික දවසක් තියෙනවා.......... හැබැයි ඉතින් ළමයාගේ පාඩම් කෙරිල්ලේ තරම දන්නෝ දනිති කිවුවලු.... එහෙම කිවුවට නොකලාමත් නෙවෙයි... මං අද මේ හදිස්සියේම මේ පැත්තේ ආවේ ඔයාලගෙන් අහන්න පොඩි පුරස්න දෙකක්.... ඇත්තම කියන්නම් මට පොඩි උදවු දෙකක් ඕනි වෙලා තියෙන්නේ...

ඔන්න පලමු කාරණය.... මට දැන් හොරෙක් වෙලා ඉදලා එපාම වෙලා.... අවුරුදු දෙකක් තිස්සේ කලේ හොරකමමනේ.... ඉතින් දැන්වත් මට හොද ළමයෙක් වෙන්න ඕනි... ඒ කියන්නේ ජනේලෙ හොර කොපි පාවිච්චිය අතඇරලා දාලා නිදහස් ලොකෙට එන්න ඕනි... මමත් ඔන්න කුබුන්ටු පාවිච්චියටයි සැරසෙන්නේ... ඉතින් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා කියලා දෙනවාද SLT ADSL සම්බන්ධතාවය කුබුන්ටු මත හදාගන්නේ කොහොමද කියලා........ මම ඉතින් තවම ආධුනිකයානේ.......

අනිත් එක මට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්! සයිබර් ප්‍රේමය...... මේක හරිම පුරස්නයක් දෙයියනේ... කියන්නකෝ මට ඔයාලාගේ අදහස් සයිබර් පෙම ගැන... පුලුවන් නම් රෝග ලක්ෂණ ටිකකුත් කියන්න.... අත්දැකීමි තියෙන අය ඇතිනේ මූණුපොතේදී එහෙම නේ????????

ඔන්න කෙටියෙන් සරලව මගේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කලා..... දෙවෙනි ප්‍රශ්නේ කොහොම වුනත් පළවෙනි ප්‍රශ්නේ විසදලා දෙනවානම් ලොකූ................... උදවුවක්!

ඕන්න එහෙනම් මතුසම්බන්ධයි!

14 ප්‍රතිචාර:

තීර්ථ යාත්‍රිකයා said...

පාවිච්චි කරන්නෙ මොඩම් එකක්ද රවුටරයක්ද කියල කිව්වනං

Gangster said...

මේ බ්ලොග් එකට අදමයි ආවේ මම..හෙල්ප් ඉල්ලලා තියෙද්දි කොහොම අහක බලාගෙන යන්නද? කුබුන්ටු ගැන නම් ඕන තරම් කට්ටිය කිය්ලා දෙයි මචන්..මන් කියන්න යන්නේ සයිබර් ප්‍රේමය..

සයිබර් ප්‍රේමය කියන්නේ මචන් හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.හොද කෙල්ලෙක් මීට් උනොත් නම් හොදයි.(හොද කෙල්ලෙක්.මොකද කෙල්ලෝ වගේ රගපාන මානසික අවුල් තියෙන කොල්ලෝ නේ දැන් වැඩි) කාට උනත් අපිව රවට්ටන්න තියෙන වැඩි ප්‍රතිශතයක් තියෙනවා..ලක්ෂණ තමා- ෆේස්බුක් එකේ කෙල්ලෙක් ඔන්ලයින් දැක්ක ගමන් "hi" කියලා මැසේජ් කිරීම,කෙල්ලෙක් වගේ ඉන්න හෝ ඇත්තටම කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකේ ඒ පුද්ගලායා මොකක් හරි දාපු ගමන් තමන්ගේ වෝල් එකේ ලියලා වගේ රීගෙන කොමෙන්ට් දැමීම..වගේ තව ගොඩයි...
Elzzzzzzzz..... But habai fun ekak ganna nam puluwan banzz...karalama balahan..parissamata.. :P

චතුවා said...

මං පාවිච්කරන්නේ මොඩම් එකක්.. (prolink h9601c)

ගැන්ග්ටර් මචං.. අනේ මන්දා කියන්න තමා බං තියෙන්නේ.... හිහ් හිහ්

හසී said...

පළමු කාරණය මම දන්නේ නෑ..
දෙවනි කාරණය ගැන කියනවානම් භයානක දෙයක්.. අහු වෙන්න එපා ළමයෝ... සයිබර් ප්‍රේමය මායාවකි...

Anonymous said...

පළමු කාරණය මට දිරවන්නේ නැත මම උපන් ගෙයි ජනෙල් රසිකයෙකි
දෙවන කාරනය දිරවාගැනීමට බැරිව උපන් ගෙයි මෝඩයෙකු ලෙස දගලමි ....

C0de BlUe said...

පලමු කාරණයට නම් මෙන්න උත්තරය : http://www.kubuntu.org/doc/7.10/network/C/connect-modems.html

2 වෑනි කාරණයට නම් අනේ මම දන්නේ නැතෝ !!! , හෑබැයි gangster කියුවා වගේ තමා කියන්න තියන්නේ !!!

දිල් said...

පළමු දේ නම් නොදනිමි...

සයිබර් ප්‍රේමය නම් අති භයානකයි. නමුත් මගේම නංගා එයාගෙ පළවෙනි ආදරය පටන් ගත්තෙ සයිබර් ප්‍රේමයකින්. අදටත් බොහෝම ආදරයෙන් ගලාගෙන යනවා. ඒ තියා දෙන්න ආදරයට දෙමාපියන්ගේ කැමැත්තත් ලැබිලා..

හැබැයි ඉතින් බොහෝමත්ම පරිස්සමෙන් කෙනෙක්ව තෝරා ගත යුත්තෙ. රැවටීමට ඇති ඉඩ කඩ නම් හුගාක් වැඩී. මම සයිබර් ප්‍රේමය එල හෙලාම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. නමුත් මගේ නංගි නිසා පොඩි විශ්වාසයකුත් නැතුවාම නෙමේ

චතුවා said...

Confiuzd ප්‍රෝග්‍රැමර් මචෝ මමත් උපන් ගෙයිම ජනේල රසිකයෙක් වුනාට කුබුන්ටුගේ හැඩ දැකලා කුබුන්ටු රසිකයෙක් වුනා.... අනික සයිබර් පෙම හරියන්නේ උපන්ගෙයි මෝඩයන්ටම තමා...

හිඟන්නා සහෝ.... ස්තූතියි උදවුවට...බලමු එහෙනම් කරලා....

දිල් අක්කා... අනේ මන්දා මොනා කියන්නද කියලා........වෙන දෙයක් වුනදෙන් කියලා ඔහේ.. ඉන්නවා දැන්...

෴ හසියා ෴ said...

පළමු එකට උත්තරේ ලැබුණ නොවැ.....
දෙවෙනි එකට කියන්න තියෙන්නේ මෙච්චරයි....හැමෝම එකවගේ නෑ...දෙදෙනාම අවංකව චැට් කරනවනම් දෙන්නෙක්ගේ සිතුවිළි තොරාබේරා ගන්න හොදම අවකාශය මෙයයි.දැකල කතා බහ කලාම වෙන්නේ පිට ඔපේට රැවටෙනවා ගොඩක් වෙලාවට....
හැබැයි අවංක කෙනෙක් එක්කද චැට් කරන්නේ කියල හොයන විදිහ මම නම් දනනෑ....කෝකටත් පරිස්සමින් කොල්ලෝ....විභාගේට හොදට පාඩම් කරන්න....සුභ පතනවා....!!!

Anonymous said...

මෙන්න 1ට උත්තෙරේ..... දැනටත් ලැබිල තිබ්බත් හොඳ නිවැරදි පිළිතුරු ලබාගැනීම සඳහා මේකට සම්බන්ධවන්න මේල් එකකින්ම අහන්නයි මේල් එකෙන්ම උත්තර ගෙන්න ගන්නයි පුලුවන්නේ........ කාලිංග අයියලගෙ වැඩක් හින්දා ආයිත් අහන්න දෙයක් නෑනේ....... ( පස්සට එන ගැටළුවලටත් මේක පාවිච්චි කරන්න )

http://groups.google.com/group/linuxkatha

ඕකට සම්බන්ධවෙලා ඔනෙම ප්‍රශ්නයක් අහන්න හැරෙන තැපෑලෙන් උත්තර :)

2 කගැනනම් හරියට කියන්න බෑ......... මම හිතන්නේ බොහොදුරට අසාර්තකයි කියලා.

ඔන්න ළමයගෙ බ්ලොගටත් ජේ.ඩී කොමෙන්ට් එතක් දැම්ම හලිද.......... :)

Anonymous said...

නියමයි ළමයෝ මටත් උපන් ගෙයි ඉදල තිබ්බ ජනේල අයින් කරල කුබුන්ටු වල කල් ගෙවනවා....මන් හිතන්නේ නම් දැන් ප්‍රශ්න දෙකටම උත්තර හම්බුවෙලානේ තියෙන්නේ

රවා said...

දෙකට උත්තරෙ..... ඩිලිට් කරපාන්... ඩිලිට් කරපාන්... හොද එකෙක් වුනත් ... නරක එකෙක් වුනත්.. කමක් නැහැ...... ඩීලිට් කරපාන්... ඔවුන් ට්‍රොජන් කාන්තාවො....... ට්‍රොයි බලලා තියනවානෙ... ට්‍රොජන් අස්සයා ගැන අහලා තියනවානෙ...

Anonymous said...

ළමයො පළවෙනි කාර‍ණේ ගැන නම් මම මුකුත් දන්නෙ නෑ..ඒත් දෙවනි කාරනය ගැන ගොඩක් හිතලා මෙහෙම කියන්නෙ.සයිබර් ප්‍රේමය කියන්නෙ මොකක්ද ළමයො..?අපිට එදිනෙදා මූණට මූණ හමුවෙලා කතාකරලා යන අයත් කීයෙන් කී දෙනාද විශ්වාස කරන්න පුළුවන්?එහෙව් එකේ පරක් තෙරක් නැති සයිබරයේ කාවද විශ්වාස කරන්න පුළුවන්?සයිබර් ප්‍රේමය ආදරයක් විශ්වාසයක් ගැන හොද අදහසක් නෙමෙයි.අනික අපි මේ වෙන නම් වලින් ඉන්නවා වගේ කී දෙනෙක් එහෙම ඉන්නවා ඇතිද?ඒ නිසා හොදම දේ එහෙම හැගීමක් ඇතිවුන ගමන් ඒ හැගීමට වහල් වෙන එක නෙමෙයි කරන්න ඔන ඒක කොහොම හරි යටපත් කරන එක.මම දන්නවා ඒක අමාරුයි ඒත් හැගීම් වලට වහල් වෙන්න එපා.
අනිත් කාරනේ තමයි ඔයාට එහෙම දෙයක් ඇති වුනා නම් ඒ ගැන මේ වගේ ප්‍රසිද්දියේ අදහස් පල කරනකොට හරියට කියලා දාන්න.මොකද ඔයාගෙ හිතේ නම් එහෙම දෙයක් ඇතිවෙලා තියෙන්නෙ,ඒකට අදාළ ගැහැනු ළමයගෙ එහෙම දෙයක් නැත්නම් එයා නිකන් වැරදිකාරියෙක් වෙනවා මෙහෙම වුනාම.
බලන අය ඔයා දිහා නෙමෙයි ඒ ගැහැනු ළමයා දිහායි වපර ඇහෙන් බලන්නෙ.එතකොට එයා වරදක් නැතිවම ට්‍රොජන් කාන්තාවක් වෙනවා නේද ?
ඔයාම හිතන්න ඒ ගැහැනු ළමයා වැරදීමකින් හරි මේ අඩවියට ආවොත් මේ තියෙන කමෙන්ට්ස් වලින් ඔයාට නෙමෙයිනෙ වරදක් කියල තියෙන්නෙ.මේ හැම කෙනෙක්ම කියලා තියෙන්නෙ ඇත්ත ඒක මමත් පිළි ගන්නවා.ඒත් එයා වරදක් නොකලා නම් එයාට කොච්චර අපහසුතාවයක් ඇති වේවිද?

දිගට ලියවුනා හිතුවටත් වඩා.ඒත් ළමයා කියන්නෙ මගේ හොද යාළුවෙක් ඒ නිසා මෙහෙම කියන්න හිතුනෙ.හොදට පාඩම් කරලා විභාගෙ කරන්න ළමයො,ඊට පස්සේ ඔයා පතන හැමදේම ඔයාට නොදැනිම ලැබේවි..

Anonymous said...
This comment has been removed by the author.

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger