Monday, May 3, 2010

සදාකාලික වියහැකි තාවකාලික සමුගැනීමක්..

2009 ඔකතෝබර් මාසේ දවසක මම බ්ලොග් එකක් කියෙවුවා.. ලස්සනට, කියවන්න ආස හිතෙන ආකාරයට ලියලා තිබුණු ඒ බ්ලොග් එක තමයි මම මගේ ජීවිතයේදී කියවපු පළමු සිංහල ‍බ්ලොග් අඩවිය. අදටත් මම ආසාම බ්ලොග් අතරින් ඉහලින්ම තියෙන ඒ බ්ලොග් එක තමයි "පිස්සාගේ ලෝකය". මේක කියවපු වෙලාවේ ඉදලා මටත් බ්ලොග් එකක් ආරම්භ කරන්න පුදුම ආසවක් ඇති වුනා. කොහොම වුනත් මම හරිහමන් බ්ලොග් එකක් නිර්මාණය කරගත්තේ 2010 පෙබරවාරි මාසේදී....

මම බ්ලොග් දෙකක් ලියන්න පටන් ගත්තත් අන්තිමේදි ඉතුරු වුනේ මේ බ්ලොග් එක විතරයි. හිතට එන ගොඩාක් දේ මම මේ බ්ලොග් එක හරහා සයිබර් අවකාශයට දැම්මා. මට දුකක්, තරහක්, සතුටක් මොන හැඟිමක් ඇති වුනත් ඒක මම මේ බ්ලොග් එකම තමයි.... මේ ලිවිල්ල අස්සේම බ්ලොග් කියවන්නත් මම ගොඩාක්ම ආස කළ. ඇත්තටම බ්ලොග් එකක් ලිවීමටත් වඩා මම කියවන්න ආසා කළා.

ඉතින් මේ අස්සේම ඊයේ පෙරේදා දවසක මමත් සොදුරු සිතැත්තීත් එකතු වෙලා පටන් ගත්තානේ කෙටිකතා එකතුවක්... හැබැයි පුදනකොටම කාපි යකා වගේ කිහිපදෙනෙක්ම කියු පරිදි බුද්ධිමය දේපල කේස් එක නිසා මම ඒක නවත්තන්න තීරණය කළා. ඒත් එක්කම මම හිතුවා මේ බ්ලොග් එකටත් ටික කාලෙකට සමුදෙන්න. ඒ මගේ උසස්‍ පෙළ විභාගය ලඟ එන නිසා. මුණුපොතටත් තදින්ම ඇබ්බැහි වෙලා හිට් මම එකත් සීමා කරන්න තීරණය කළා.. කොහොම වෙයි ද මන්දා...... කොහොම වුනත් බ්ලොග් කියවන එක නවත්තන්න නම් අමාරුයි වගේ.. ඒක නම් මම දිගටම කරනවාමයි.....

මම කිවුවානේ මේ සැරසෙන්නේ තාවකාලික සමුගැනීමකටය කියලා.. නමුත් විවිධ හේතු නිසා මේක සදාකාලික සමුගැනීමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මගේ ස්තූති කතාවත් මේ එක්කම කියන්නම්

මම මුලින්ම ස්තූති කරන්න ඕන පිස්සා සහෝදරයාට. මාව මුල ඉදලාම දිරිගන්වපු කෙනෙක් සහ මට මඟ පෙන්වපු කෙනෙක්. ඊළගට දුකා අයියාටත් ගොඩාක් ස්තූතියි.. දිල් අක්කාටත් ගොඩාක් ස්තූතියි.. බිඟුවා සහෝදරයා, බුද්ධි සහෝදරයා, රවෙන් සහෝදරයා, කලුවර අඩවියේ සහෝදරයා, නික් අක්කා,බුද්දජීව සහෝදරයා, ජීවිතේ මල් සහෝ,පුංචිසමනලී, හාපැටික්කී ඇතුලු මම නම් ලෙස නොකියූ සැමටට ගොඩාක්ම ස්තූතියි. මම මේතරම් කාලයක් හරි බ්ලොග් එකක් ලියුවේ ඔයාලාගේ සහාය නිසායි..

ඒ වාගේම මගේ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕන කෙනෙක් ඉන්නවා. මම ගොඩක් දුකින් හිටි කාලෙක මුණගැසුනු මේ කෙනා නිසා තමයි මම අද සතුටින් ඉන්නේ. සයිබරයේ මගේ හොදම යාලුවා.... සොදුරු සිතැත්තී ඔයාටත් ගොඩාක්ම ස්තූතියි..

සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි යන සින්ඩිකේටර් සහ අනෙකුත් සින්ඩිකේටර් පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් කලාවට මහඟු මෙහෙයක් කරන සහෝදරවරුන්ටත් ම‍ගේ හදපිරි ස්තූතිය පිරිනමනවා.

ඉතින් එහෙනම්,,,, සමුගන්න අවසරයි............

අන්තිමටම කියන්න තියෙන්නේ හැම දෙනාටම විශ්වාසනීය වෙනස්කම් වන සුබ අනාගතයක් කියාලා.... පුලුවන් උනොත් නැවත හමු වෙමු!





14 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

A/L කරලා ඔබ අයෙත් අපිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා....

ඔබට සුබ අනාගතයක්.......
හොදින් පාඩම් කටයුතු කරගෙන යන්න...මේ හැම දෙකටම වඩා.....විබාගය වටිනාකම වැඩිවනදවසක්..එනවා......එදාට ඔබ සතුටින් ඉන්න ඔනේ...එක්යි..මගේ ප්‍රර්තනය..... අපි අයේත් කොහේදි හරි මුනගැසෙයි.....සහො.....හැම වෙන්විමක්ම තවත් ගමනක අරම්බයක්...........

දිල් said...

මගෙනුත් උණුසුම සුබ පැතුම් ඔබට ! කරන්නවූ සියළු කටයුතු හොඳින් කරගන්නට දිරිය ශක්තිය....

ආයෙමත් මේ ඉසව්වේ ඔබව දකින්න බලාපොරොත්තු වෙමි ...සුබ අනාගතයක් !

Anonymous said...

ඔව්..බං...
මේක හොද තීරණයක්...

විභාගේ හොදට ගොඩ දාගෙන ඉන්නකෝ.. පස්සේ අපි බ්ලොග් ලියමු..
උඹේ ප්‍රතිපල බලන්න අපි හැමෝම කට ඇරං බලං ඉන්නවා..
(උඹට A 3 යි, කියලා කියනවා අහන්න මම කැමතියි, මලයෝ)

Buddhi said...

මම තාම මෙහෙ ළමයා, හදිස්සේ දැක්කේ මේ පෝස්ට් එක, උසස් පෙල කරන්න බ්ලොග් එක නැවැත්තුවට නං කමන් නෑ. ඒක හරියට කර ගන්න එපෑ ඔක්කොටම කලින් නේද? ඒත් ෆේස් බුක් එකෙ හිටියනං හොදයි! පිස්සෙක් වගේ ඒකට ඈබ්බැහි වෙන්න ඕක නෑ. (ෆේස්බුක් එකට ලොග් වෙද්දිම ඒක නවත්වන වෙලාව බලල කොම්පියුටරේ ලග ඉදගත්ත නං කේස් එකක් නැනේ.) දවසටම පැයක් හොදටම ඈති මටනං! ඒතකොට යාලුවොත් ඉන්නවා. ඉගේනීමටත් කරනවා.

හසී said...

විභාගෙට හොඳට පාඩම් කරන්න.... හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ආයේ බ්ලොග් එක ලියනකම් බලාගෙන ඉන්නවා.

Dhananjaya said...

mata Sinhalen Type Karanta BAri Hindai Mehema Type Karanne
Ath Aiya Oya A/L Karala Iwaraine ????????
Ayemath Karanawada ??????????????????

Dhananjaya said...

Monawa unath Hodata Padam Karanta

කලුවර අඩවිය said...

එල එල මචන් අපි ආයි සෙට්වෙමු...

Anonymous said...

එලටම ඒ.ලෙවල් ගොඩ දාගන්න අයියෙ... අපෙනුත් සුබ පැතුම්

අදනෙ මට ඔයාගෙ බ්ලොග් එක හම්බ උනේ...මින් ඉදිරියට ඔයාගෙ ලස්සන පෝස්ට් කියවන්න බලන් ඉන්නවා.... සේරටම කලින් විභාගෙ එලටම ගොඩ දාගන්න... ජයවේවා

වැප් said...

ඔව් ඔව් උපෙල කරගන්න ............ මෙව්වා පස්සේ පුලුවන් ...

මුහුණු පොත එන්නේ නැහැ ............ විභාගේ දාට

පිස්සා පලාමල්ල said...

උසස් පෙල විබාගයට සුබ පැතුම් මගෙනුත්... විබාගේ හොදට කරල ආයේ එන්නකො මේ පැත්තේ

Hasitha Gunasinghe said...

උසස් පෙළ විභාගට උසස් ආකාරයෙන් සමත් වෙන්න හැකිවේවා කියලා ප්‍රර්ථනා කරනවා මල්ලි.

ඒ වගේම විභාගයෙන් පස්සේ බ්ලොග් එකේ මොකුත් නොලියා හිටිය කාලෙත් අල්ලලා හොඳට ලියයි කියලත් බලාපොරොත්තු වෙනවා :)

Anonymous said...

අනේ ලමයො ඈ බන් උබ පාඩම් කරන්නෙ ෆේස් බුක් ඉදන්ද? ලොල්

C0de BlUe said...

එල එල කොල්ලා එලට පාඩම් කරලා විභාගේ ගොඩ දාගනින් !!!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger