
කෙනෙක් ආදරේ කරන්න ඕන මුලු ජීවිතේටම එකම කෙනෙක්ට විතරමයි කියලා නීති පොතකවත් අඩුම තරමින් ජීවිත පොතේවත් ලියවිලා නෑ. ඒ වුනාට එකම කෙනෙක් මුලු ජීවිතයම කරගත්තු අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ ආදරේ සමහර අයට අයිති වෙලා ඇති. තවත් අයට අහිමි වෙලා ඇති. ඒ ආදරේ හිමි වෙලා තියෙන අය සතුටු වෙනකොට අහිමි වුන අය දුක් වෙනවා ඇති.. එතකොට කවුරු හරි කෙනෙක් ආදරයක් අහිමි වෙලා දුක්වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තොත්...
එහෙම ආදර කතා මේ ලෝකේ අනන්තවත් ඇති.. එහෙම ආදරයක තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලා වෙන් කරලා හොයාගන්න කොයි තරම් අමාරුද කියලා එහෙම ආදරේක පැටලුණු අය දන්නවා ඇති. එහෙම අමාරුවක පැටලිලා උන්නු කාලයක් මටත් තිබුණා.. ඒ අවුල තව...