Tuesday, April 10, 2012

හීනයකට පසුවදනක්..

ඔව්..! ඒක හීනයක්.. ලස්සනම ලස්සන හැබැයි  නපුරම නපුරු.. ඒ ලස්සන වින්ඳා වගේම ඒ නපුරු බව විඳෙව්වෙත් ඒ ලස්සන හදාගත්තු, ඒ නපුරු බව මවාගත්තු, අපිම නේද? හිතාගන්න බැරි තරමටම  අපිටත් හොරෙන්ම ඒ හීනය අපෙන් ඈතට යනකොට අසරණ වුන පොඩි පැටව් දෙන්නෙක් වගේ අපි තාම බලාගෙන ඉන්නවා.. කරන්න කිසිම දෙයක් නැතිව අඬාගන්නවත් කඳුලු නැති ඇස්වලින්.. මේ මේ මේ.... උඹට හිතුනෙම නැද්ද මෝඩියේ... ඒක හීනයක් විතරයි කියලා? අපි හදාගනිමු, අපේම ලෝකයක්.. ඒ හීන වලින් මිදිලා.. කාටවත්, කොහොමවත් විනාස කරන්න බැරි, ලස්සනම ලස්සන,  නපුරුකමත්  අඩුත්...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger