
ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේන්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ..
මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න...