Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්... ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා.. එදා හවස මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට.. කොටා - ආ.. එල.. පට්ට..  මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට.. පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්.. මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට.. බුද්ධියා - හරේ.. නම ලියාගනිං..! පලවෙනි...

Thursday, May 19, 2011

බලාපොරොත්තු ගොඩක් ඉතිරි වුනු ඔහුගේ නික්ම යෑම..

මේ පෝස්ට් එක කොච්චර නොලියා ඉන්න හිතුවත් නොලියාම ඉන්න බැරි වුනා.. ඇත්තටම මං මේක ලියන්නේ හිතේ හිර වෙලා තියෙන ලොකූ දුකකින් එක දශමයක් හරි අඩු කරගන්න හිතාගෙන. හරිම පුදුම වෙන්වීමක් මටනම් මේක. "ඉලංදාරියා නැතිවෙලා කියන්නේ ඇත්තද?" කියලා නදී අක්කා අහද්දී මං ඇත්තටම විශ්වාස කලේ නෑ. චේතන, හම්තුම් කියද්දී පවා මම මේක විශ්වාස නොකලේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණු මරණයක් කියලා මගේ හිත විශ්වාස නොකරපු නිසා. ඒත් මොනවා කරන්නද.. ඉපදුනානම් මැරෙන්නත් ඕනි. මැරෙන්නේ අපිට ඕනි වෙලාවටයැ..  මේ දේවල් අහපු වෙලාවේ ඉඳලා ලොකු පසුතැවීම් දෙකක් හිතේ තියෙනවා මගේ.. දැන් ප්‍රමාද වැඩී....

Friday, May 6, 2011

මම එයා සහ අරයා..

එයා - මේ.... මම - ම්ම්ම්ම්... එයා - මං දෙයක් අහන්න ඇත්තම කියනවද..? මම - හ්ම්ම්ම්.... එයා - ඔයා ඇත්තටම අරයට ආදරේද? මම - කාට?? එයා - අර  දැන් හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන කියවන්නේ.. එයාට.. මම - හ්ම්ම්ම්ම්ම්... එයා - කොච්චරක්..?? මම - මෙච්...චරක්... එයා - එතකොට මෙච්චර කාලයක් මට ආදරේ කලේ නැද්ද? මම - කළා.. එයා - දැන්? මම - කරනවා.. එයා - එතකොට අරයා... මම - එයාටත් ආදරේ.. එයා - මෙච්චර කාලයක් මං ගැන බ්ලොග් ලිවුව ඒවා..? මම - එයා ගැනත් ලියනවා.. එයා - මෙච්චර කාලයක් මට කිවුව ඒවා..? මම - එයාටත් කියනවා.. එයා - ඇයි එයාටත් ආදරේ?? මම - ඔයාගෙන් ඈත් වෙන්න.. එයා - මගෙන් ඈත් වෙන්න.. ඇයි ඒ? මම - ඔයා මට ආදරේ නෑනේ.. එයා...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger