
ඊයේ මං අලුත් තියරියක් ඉගෙන ගත්තානේ.. ඒක මට කියලා දුන්නේ අපේ සයිබරයේ සිහින කුමරු වන චේ උන්නැහේ විසින්.. මම ඒ තියරිය අනුව යමින්ම මේ පෝස්ටු ලියන එක මගේ සුබ අනාගතයට හොඳයි කියලා මම හිතනවා.. මේකයි තියරිය.. "කවුරු හරි තමන්ට මඩ ගහන්න පටන් ගත්තොත් තමනුත් තමාටම මඩ ගසා ගැනීම"
ඔන්න ඉතින් ඊයේ උදේන්ම නුවරින් පිටත් වෙන්නනේ කස්ටිය සූදානම් වුනේ.. ඕං ඉතින් මං කොල්ලා උදේ පාන්දර 2.30 විතර අමාරුවෙන් නැගිටගෙන එහෙම ලෑස්ති වෙලා 3.30 විතර වෙද්දී මම වෑන් එකට නගින්න නියමිත තැනට සම්ප්රාප්ත වුනා.. එතකොට ඕං වෙලාව ඇති 3.45ට විතර. දුන්නා කෝල් එකක් ප්රියන්ත අයියට..
"අයියා කොහේද ඉන්නේ..?"
"මල්ලී තාම ගෙදර.. වෑන්...