Monday, March 28, 2011

මහනුවර - කොළඹ - හෙන්රි පේදිරිස් - කොටින්ම කිවුවොත් නුවරින් අවුරුදු උත්සවයට..

සයිබර් අවකාශය දැන් හරියට අපේ ගම වගේනේ.. ‍බ්ලොග් එක අපේ ගෙදර වගේ.. හා හොඳයි නැද්ද මං අහන්නේ?? ඔය ගමේම ඉන්න හැමෝම එකතු වෙලා දැන් අලුත් අවුරුද්ද සමරන්නනේ කල්පනාව.. අලුත් අවුරුදු උත්සවයක් හෙම තියලා... ඉතින් දැනටමත් මේ බ්ලොග් අවකාශේ ඉන්න අය දන්නවා ඇති මේ සයිබරයේ සිහින බක් මහා උළෙල ගැන.. තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා වෙන්න නම් බෑ බෑ බමයි..  කමක් නෑ.. අලුත් විස්තර දැනගන්නත් එක්ක මෙතනින් ගිහින් සිහින බක් මහා උළෙලේ නිල බ්ලොග් අඩවිය බලාගෙන එන්න‍කෝ..... ඔන්න ඉතින් එදාට අපි හැමෝටම මාර ජොලිලු.. ඇයි ඉතින් කවදාවත් ඇත්තටම හම්බවෙලාවත් නැති අය එදාට...

Saturday, March 19, 2011

අන්සතු මගේ අහිංසකීට......

අම්මට සිරි..! මිස්ඩ්කෝල්ස් 19..! ෂික් එකක් වත් ඇහුනේ නෑනේ.. කොහේද ඉතින් ආය පෙරේතයා පොලේ ගැහුවා වගේ නින්ද ගියේ... ඊයේ උදේ ඉඳලා මැරීගෙන ප්‍රැක්ටිස් නිසා තාම ඇඟ නිකං මොකදෝ මොකදෝ වෙලා.. ඇස් දෙක ඇරෙන්නෙත් නෑ වගේ.. වෙලාව අටයි විස්සද.... නැත්තං හතයි විස්සද... ම්ම්ම්ම්....අම්මා ගායි ටින් එකෙන්... වෙලාව අටයි විස්සයි...  තිබුණ නිදිමතත් නැති වෙලා ගියා වෙලාව දැක්ක පාර.. ඇයි දෙයියනේ ඒකිට අද ක්ලාස් අටට.. ඒ මදිවට පොත් දෙකම මගේ ළඟ.. අද ඉතින් බඩුම තමා... ඔය ඔක්කම හිතන ගමන් අද අහිංසගේ අහිංසක කම නැති වෙලා මම බැණුම් අහන හැටි සහ සුපුරුදු වදන් ටික දාලා එයාව ෂේප් කරගන්න හැටි මතක් කර කර බාගෙට මූණ හෝදලා බාගෙට කාලා...

Wednesday, March 16, 2011

අමතක කරන්න..

අමතක කරන්න එයාව...හැබැයි මතක තියාගන්න..එයාට, එයා වෙනුවෙන් වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න එයාගේ ඒ නම...හැබැයි මතක තියාගන්න...එයා දැන් වෙන නමක් මුමුණන වග...අමතක කරන්න එයාගේ ඒ මුහුණ...හැබැයි මතක තියාගන්න..ඒ මුහුණ දකින්න වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න එයාගේ ඒ සිප ගැනීම..හැබැයි මතක තියාගන්න..එයාට සිපගන්න වෙන කෙනෙක් ඉන්න වග...අමතක කරන්න ඒ උණුසුම් වැළඳගැනීම...හැබැයි මතක තියාගන්න.. ඒ උණුහුමට ලං වෙන්න වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න කාලයක් වින්ඳ ඒ ආදරය..හැබැයි මතක තියාගන්න.. එයාගේ ලොකෙට දැන් වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න...

Saturday, March 12, 2011

ඔන්න කෙල්ලෙක් ඉන්නවා...

ඔන්න කෙල්ලෙක් ඉන්නවා... ආයේ එනකල් බලාගෙන ඉන්න .. එයාගේ ආදරේ.. දවසක් දුර ගමනක් යනවා...... ඒ අතරේ හරිම දග හරිම වස කොල්ලෙක්.. ඒ කෙල්ලට මුණ ගැහෙනවා... කෙල්ලට ගොඩක් ලං වෙනවා.. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවෝ වෙනවා.. ඒ දෙන්නා හොඳම යාලුවෝ වුනාට පස්සේ හැම දුකකදීම සතුටකදීම ළගින්ම හිටියා.. ඒ දුක සතුට පුලුවන් තරම් බෙදාගත්තා.. නැතිවම බැරි තරමටම යාලුවෝ වුනා.. ඒ කෙල්ලගේ ජීවිතේ ගොඩාක් දේවල් කොල්ලා එක්ක කිව්වා. කෙල්ලගෙන් ඈත් වුන එයාගේ ආදරේ ගැන.. ගොඩාක් දේවල්... කොල්ලා අහගෙන හිටියා.. කිවුව හැම දේම.. ගොඩක් උත්සාහ කළා.. හිත හදන්න ඒ අහිංසක කෙල්ලගේ.. කොල්ලාට ඒක කරගන්න...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger