
Blog post 49ක් ලියලා මම මේ ලියන්නේ 50වෙනි පෝස්ට් එක. ඒක හා පැටික්කිට වගේම මටත් විශේෂයි. ඒ වුනාට 49වෙනි පෝස්ට් එක ලියලා මම හිතාගෙන හිටියේ මම ආයෙත් මේ බ්ලොග් එක ලියන්නේ නෑ කියලා. ඒ වුනාට අද මම මේ පෝස්ට් එක ලියන්නේ අපේම සහෝදරයෙක් වෙනුවෙන්. සිංහල බ්ලොග් අවකාශයේ හරි හරියට බ්ලොග්කරණය කළ බොහෝ දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් ප්‍රිය කරන ඉලංදාරියා වෙනුවෙන්...
යාලුවෝ හම්බ වෙන්න නම් එයාලා මුණගැහිලා කතා කරන්න ඕනෙ වෙලා තිබුණ කාලේ අහවර වෙලා දැන් තියෙන්නේ ඩිජිටල් ලෝකයේ මිතුරු හමුවක්. ඒ වගේ මට ලැබුණු මිතුරෙක් තමා ඉලංදාරියත්. කොහොම වුනත් මට මතක විදියට අද වෙනකම්...