
2009 ඔකතෝබර් මාසේ දවසක මම බ්ලොග් එකක් කියෙවුවා.. ලස්සනට, කියවන්න ආස හිතෙන ආකාරයට ලියලා තිබුණු ඒ බ්ලොග් එක තමයි මම මගේ ජීවිතයේදී කියවපු පළමු සිංහල බ්ලොග් අඩවිය. අදටත් මම ආසාම බ්ලොග් අතරින් ඉහලින්ම තියෙන ඒ බ්ලොග් එක තමයි "පිස්සාගේ ලෝකය". මේක කියවපු වෙලාවේ ඉදලා මටත් බ්ලොග් එකක් ආරම්භ කරන්න පුදුම ආසවක් ඇති වුනා. කොහොම වුනත් මම හරිහමන් බ්ලොග් එකක් නිර්මාණය කරගත්තේ 2010 පෙබරවාරි මාසේදී....මම බ්ලොග් දෙකක් ලියන්න පටන් ගත්තත් අන්තිමේදි ඉතුරු වුනේ මේ බ්ලොග් එක විතරයි. හිතට එන ගොඩාක් දේ මම මේ බ්ලොග් එක හරහා සයිබර් අවකාශයට දැම්මා. මට දුකක්, තරහක්, සතුටක්...