ඔව්..!
ඒක හීනයක්..
ඒක හීනයක්..
ලස්සනම ලස්සන
හැබැයි
නපුරම නපුරු..
ඒ ලස්සන වින්ඳා වගේම
ඒ නපුරු බව විඳෙව්වෙත්
ඒ ලස්සන හදාගත්තු,
ඒ නපුරු බව මවාගත්තු,
අපිම නේද?
හිතාගන්න බැරි තරමටම
අපිටත් හොරෙන්ම
ඒ හීනය අපෙන් ඈතට යනකොට
අසරණ වුන පොඩි පැටව් දෙන්නෙක් වගේ
අපි තාම බලාගෙන ඉන්නවා..
කරන්න කිසිම දෙයක් නැතිව
අඬාගන්නවත් කඳුලු නැති ඇස්වලින්..
මේ මේ මේ....
උඹට හිතුනෙම නැද්ද මෝඩියේ...
අපි හදාගනිමු, අපේම ලෝකයක්..
ඒ හීන වලින් මිදිලා..
කාටවත්, කොහොමවත්
විනාස කරන්න බැරි,
ලස්සනම ලස්සන,
නපුරුකමත් අඩුත් නැති, වැඩිත් නැති,
ආදරේ පිරුණු ලෝකයක්..
හැබැයි..
අපිට උරුම විදියට..
අපිටම තනිවෙන්න..
කවදාම හරි..
කවදාම හරි..
[හා හා දැන් රෙද්ද උස්සගෙන කේලම් කියන්න යන්නෙ නැතිව හිටපං. මේක හිතුනට ලිව්ව දෙයක් විතරයි! - අදාල කෙනෙක්ට]