පහුගිය සතිය තුල අපේ බ්ලොග් ලියන්නන් සියලූම දෙනා අතර කතාවට ලක්වුන අපේ සහෝදරයෙක් ඉන්නවා.. ඒ තමා අපි කවුරුත් දන්න ඉලංදාරියා. ඔහුට උදව් වීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වුනා. කටයුතු කළා. දැනටත් ඒ කටයුතු ඒ විදියටම ක්‍රියාත්මකයි. ඉතින් අපේ දිලුම් අයියා වෙනුවෙන් යමක් කරන්න මමත් නුවරින් සම්බන්ධ වෙන්න බලාගෙන හිටියේ. දැන් මට වගේම නුවර පලාතෙන් ඉලංදාරියා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා මූලික පියවර විදියට අපි සියලු දෙනාම මුණගැසී සැළසුම් සකස්කොටගෙන වැඩ කරන්න වෙනවා. ඉතින් අමිල සහෝදරයා ඇතුලු දිලුම් සහෝදරයාගේ හිත මිතුරනුත් අපිත් එකතු වෙලා සැළසුම් සකස් කරගන්න තීරණය කලා.
ඉතින් ඉරිදාට නුවරට එන්න පුලුවන් හැමෝම අනිවාර්යයයෙන්ම අපිත් එක්ක එකතු වෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒක අපිට ලොකු ශක්තියක් වේවි.
- දිනය - 2011 පෙබරවාරි 06 වෙනි ඉරිදා
- වෙලාව - උදෑසන 9ට
- ස්ථානය - ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව
ඉතින් ඉරිදාට නුවරට එන්න පුලුවන් හැමෝම අනිවාර්යයයෙන්ම අපිත් එක්ක එකතු වෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒක අපිට ලොකු ශක්තියක් වේවි.
- නුවරදී පැවැත්වෙන හමුව පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට මෙම සබැඳිය යොදා ගන්න.
- ඒ වගේම මෙම සමස්ථ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය සහ වර්ථමාන තත්වය දැනගැනීමට "දිලුම් වෙනුවෙන් අපි" බ්ලොග් අඩවිය මෙම සබැඳියෙන් යන්න.
- ඉලංදාරියා ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙම සබැඳිය තුලින් යන්න.