Tuesday, August 31, 2010

"ඇය"ට පාර පෙන්නන්න ගොස් අතරමං වීමි....

මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුල වු සමනලියකගෙනි
පාර අසා තිබුනේ//

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකය අඩමානය//
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
මං මුලා වී පාර සොයාගෙන...

අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඈසූයේ ඈයිදැයි නොකියමි//
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

මං මුලා වී පාර සොයාගෙන...


අතරමං වෙලා කියලා නාහෙන් අඬ අඬා හිටි මම,
අතරමං වෙලා නෑ කියලා පෙන්නපු ඇය අතරමං වෙලා..
අතරමං වෙලා නෑ කියලා සතුටු වෙන්න ඕනි මම කොයි තරම් දුක් වුනාද ඒ ගැන හිතලා......
ඇයට පාර පෙන්නන්න මං කොයි තරම් උත්සාහ කලාද.....
ඇයට පාර පෙන්නන්න ගිය මම අන්තිමේදී අද ඇත්තටම අතරමං වෙලා..
ඇයගෙන් ම හැර වෙන කෙනෙක්ගේ උදව්වෙන් පාර හොයා ගන්න බැරි තරමටම!
ඒ බව ඇය නොදන්නවා වුනත් මම දන්නවා මම අතරමං වෙලා ඉන්න තරම..
කොහොම වුනත්,
ඇයව අතරමං කල කෙනාම ඔන්න එනවාලු..
ඇයට පාර පෙන්නන්න
කොහේදෝ ඉදල...
හිටි හැටියෙම.......
එයා ඒ ගැන සතුටි මමත් එක්කම කියනකොට මම????
ම්ම්ම්ම්ම්ම්ම්......
දැන් අතරමං වෙලා කියලා දුක් වෙන්න ඕනි මම සතුටු වෙනවා ඒ ගැන හිතලා..
කමක් නෑ... එයා හරි සතුටින් ඉදීනේ......
හැබැයි අවංකව කතා ‍කලොත්..
ඔය එනවයි කියන "පොර" එන්නේ නැත්තං මම කැමතී..
මමත් ඉතින් මනුස්සයෙක් නේ (පෙර කී දෙයට නිදහසට කාරණය)
ඒ වුනාට "ඇය" පවුනේ..
අමාරුවෙන් වුනත් හදවතින්ම සතුටු වෙනවා..
ආවදෙන්...
දෙන්නාටම සුබපැතුම්!

මාස තුන හතරක් අස්සේ ළමයාට වෙච්චි වැඩක්!
හනේ පව් මම!
නේද???

තේරුණාද මන්දා කියවපු අයට... මේ දවස් වල ළමයාට කතා කරන දේකවත් අගමුල ගලපගන්න බෑ... අනිත් එක මං මේ කියපු "ඇය" කවුද කියලා නම් යෝජනා කරන්න නම් එපා..

සිංදුව ගන්න ඕනි නම් මෙතනින් ගන්න...

Sunday, August 29, 2010

අවා! අවා!! අවා!!! Tunatic සමග ළමයා අවා!!!!!!!!

මෙන්න ළමයා ආවා......... විභාගේ නම් ඔන්න ඊයේ ඉවර වුනා.... කියලා වැඩක් නෑ ‍පේපර් හදපු අය හම්බ වෙලා මල් තියලා වදින්න හිතෙනවා ඒ තරම් අමාරුවට ප්‍රශ්න හදපු නිසා..... ඇත්තටම මම දුකේ හිටියේ ප්‍රශ්න ලේසි වෙයි කියලා.... :)) :)) වැප් සහෝ කිවුවනේ පේපර් වල වැරදි තිබුණොත් හොයාගෙන එන්න කියලා.... අර ජාත්‍යන්තර කුමණ්ත්‍රනයේ ප්‍රථිඵල නිසා පේපර් වල වැරදි තිබුණේ නෑනේ.. දුක තමා... :(

විභා‍ගේ ඉවර වුනා කියලා නෑ.. දැන් තමා ද කොහේද වැඩ ගොඩාක් කරන්න තියෙන්නේ.. ෆියුචර් ප්ලෑන්ස් ගොඩා....යි දැනටමත්! මේ දවස් වල ලොකුම උණ ‍තියෙන්නේ HTML දැනුම ඔප දමාගන්න..... ඒ වෙනුවෙන් අද සිටම මෙහෙයුම් අරඹන්නයි කල්පනාව..
W3ඉස්කෝලේ මුල් කරගෙන අපේ නික් අක්කාගේ සහාය ඇතිව එහෙම වැඩ පටාන් ගන්නවා... :)

ම්ම්ම්ම්ම්..... ළමයා දැන් ආසයි බ්ලොග් ලියනවාට වැඩිය බ්ලොග් කියවන්න.. ඒ නිසා මීට පස්සේ වැඩිය මේ බ්ලොග් එක ලියවෙන්නේ නැති වෙයි.... ළමයාගෙන් comments නම් තියෙයි ඔන්න ඔයාලාගේ බ්ලොග් වල... :P

ඔය හුටපට ඔක්කම අස්සේ මේ බ්ලොග් එක පැත්තේ එන යනකොට මට පොඩි software කෑල්ලකුත් හම්බ වුනා පහුගිය දවසක.. ඒකත් මේ ගමන්ම දෙන්න හිතුනා ඒ ගැන නොදන්න කස්ටියටම දැනගන්න..... Tunatic තමා නම.. :D



මේ software එක run කරලා mic එකට ලං කරලා සිංදුවක කොටසක් play කලාම ඒ සම්පූර්ණ සිංදුව අපිට හොයලා දෙනවා.. Download කරගන්නත් පුලුවනි.......මම මේ වෙනකම් හොයලා බැලුවේ නම් ඉංග්‍රීසි සිංදු කිහිපයක්.. තත්පර කීපයක් play කලාම සිංදුව හොයලා ‍දුන්නා.. අපිට ඔය රේඩියෝ එකේ යන සිංදු එහෙම හොයා ගන්න නම් මේක හොදා වගේ.......... මෙන්න
මෙතනින් බාගන්න ඕනි අය ගන්නකෝ... මේ තියෙන්නේ Official website එක. දැන් ඉතින් කවුරුත් කියන්න එපා "අපෝ බං ඕවා ඕනි තරම් තියෙනවා" කියලා... :P මට මේ වගේ softwares කලින් හම්බවෙලා නෑ.. වෙනත් ඒවත් තියෙනවානම් මටත් කියන්නකෝ....... :D

මගේ මේ බ්ලොග් එකේ comment moderation ක්‍රියාත්මක කලා... සිංහල දැනුම ප්‍රදර්ශනය කරන්න කැමති අයගේ comments වලින් අනික් අය අපහසුතාවයට පත් වෙන්න ඉඩ තියෙනවානේ... මොකද මේ දවස් වල සිංහල දැනුමින් ඉහල කිහිප දෙනෙක් මේ පැත්තේ සැරිසරනවා කියලා කස්ටියම දන්නවානේ දැන්...

එහෙටත් නැති මෙහෙටත් නැති කොහේටත් නැති අග මුල නොගැලපෙන පෝස්ට් එකකට පස්සේ ඔන්න ළමයා ගියෝ... දැන් w3ඉස්කෝලේ යන්නත් එපැයි...

Sunday, August 8, 2010

හෙට විනෝද සමයේ ඇරඹුමයි!

අද මේ හදිසියේම ‍මේ ලියන්න හිතුවේ කියලා නිම කරන්න බැරි සතුටකින් ළමයා ඉන්න නිසා.. මේ සතුට බෙදා ගන්න තියෙන හැමෝම එක්ක බෙදාගන්න එකත් සතුට ඩබල් වෙන වැඩක්!

දැන් මේ සතුටට හේතුවත් කියන්න එපැයි නේ? නැත්තන් කෝමද වෙන්නේ... මේකයි.. අවුරුද්දක් පුරාවට පෙරුම්පුරාගෙන ආසාවෙන් බලාගෙන හිටි කාලය එළඹිලානේ ශිල්ප දක්වන්න.. වටේ යන්නේ නැතුව කෙලින්ම කිවුවොත් හෙට උසස් පෙළ විභාගය පටන් ගන්නවා බොල! හප්පේ මට තියන සංතෝසේ.......................

ඉතින් ‍කෑගැහුවට මට අදාල විශයන් වලින් පලවෙනියටම උත්තර ලියන්න තියෙන්නේ 16 වෙනිදා.. මම ඉතින් කලාකාරයා නොවැ.. ඉතින් තව සතියක් තියෙනවා.. මම නම් කැමතී මේ දැන්ම වුනත් ප්‍රශ්නපත්තරේ දුන්නොත් උත්තර ලියන්න...

ඉතින් හෙට විභාගය ඇරඹෙන සහ මේ පාර උසස් පෙලට පෙනීසිටින ළමයාගේ සියලු සයිබරයේ යාලුවෝ හැමෝටම සුබපතනවා.. හෙට ඉතින් මගේ බුදු පිට් එක සොදුරුසිතැත්තීටත් විභාගේ පටන්ගන්නවාලු. ඔයාටත් විශේෂයෙන් සුබපැතුම් මගෙන්!

එහෙනම් අගෝස්තු 28 වෙනිදායින් උදාවෙන නිදහස් නිවහල් ලෝකයේදී හමු වෙමු..෴


 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger